ඡන්දෙට සල්ලි හොයන එක මැතිවරණ කොමිසමේ වැඩක්! – ආණ්ඩුවට සල්ලි නෑ දෙන්න!

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මැතිවරණ කොමිසමේ වගකීමක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවල පවා ප්‍රතිපාදන කප්පාදු කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇත්තේ ඔවුන්ට මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ඇති නිසා විය හැකි බවයි.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සහ පොහොට්ටුව කුමන්ත්‍රණය කරන බවට විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන ඇමතිවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට හෝ පොහොට්ටුවට මැතිවරණය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.