රනිල් ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩු විහිළුව ගැන හිටපු මැකෝත් කතා කරයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ඊයේ දින පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම නවතා දමන ලෙස නියෝග කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිවේදනයක් යවා තිබිණ.
එහිදී ආණ්ඩුව විසින් ගනු ලැබූ එම අදූර දර්ශි ක්‍රියා පිළිවෙත අභියෝගයට ලක් කරමින් මෙරට නීතියට අනුව එම ඇප මුදල් ලබාගැනීම තවදුරටත් සිදුකරන ලෙස මැතිවරණ කොමිසම නැවත දැනුම් දීමක් සිදුකරන ලදී.
මෙම සිදුවීම අරඹයා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි අදහස් පළකිරීමක් සිදුකර තිබේ.
මේ පිළිබඳව ඒ මහතා පවසන්නේ 2018 වර්ෂයේදීත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමත්‍ය ධූරය හොබවන විටදීත් එතුමාගේ ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවා හකුලා ගැනීමට සිදුවූ මෙම අදුරදර්ශී ක්‍රියාව නැවත යොදාගනිමින් ඊයේ නිකුත් කල ලිපිය හුදෙක් කඩදාසියක් පමණක් බවයි.
