ඇප මුදල් තහනම ගැන, රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රශ්න කිරීමට කැඳවයි!

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාව මැතිවරණ කොමිසමට ගෙන්වා කරුණු විමසීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.
ඒ, කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබූ ලිපිය සම්බන්ධයෙනි.
කෙසේවෙතත් මේ වනවිට අදාළ ලිපිය ආපසු කැඳවීමට පියවර ගෙන ඇත.