සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්!

 සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්!

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශයක් නිකුත් කළ සේපාල් අමරසිංහ මහතා තවදුරටත් මෙම මස 17වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 5 වනදා අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

ඒ අනුව එම දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සැකකාර සේපාල් අමරසිංහ නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ.

Newspedia 01

Related post