වැඩියෙන් විදුලිය භාවිත කළොත් සහන! – අමුතු තාලේ ගාස්තු වැඩිවීම මෙන්න!

 වැඩියෙන් විදුලිය භාවිත කළොත් සහන! – අමුතු තාලේ ගාස්තු වැඩිවීම මෙන්න!

ඊයේ (09) දින කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව හමුවේ මෙරට සාමාන්‍ය මහජනයාට හා ආගමික ස්ථාන සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනාවී තිබේ.

පසුගිය කාලය පුරාම භික්ෂුන් වහන්සේලා විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විරෝධතා සිදුකරනු ලබු අතර ඒ සඳහා විසඳුමක් ලබාදෙනවා වෙනුවට මෙවර යෝජනාව මගින් සාමාන්‍ය ජනයාටත් වඩා වැඩි විදුලි බිලක් ආගමික ස්ථාන සඳහා ලැබෙන ලෙස අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සිදුකර තිබේ.

එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ විදුලිය අඩුවෙන්ම පරිහරණය කරන පුද්ගලයාගෙන් වැඩියෙන්ම විදුලි ගාස්තුව අය කිරීමටත් විදුලිය ඇති විශාල ලෙස වැඩියෙන්ම පරිහරණය කරන පුද්ගලයන්ගෙන් ඉතා අඩු මුදලක් වැඩි කිරීමටත් සැලසුම් කර තිබීමයි.

ඒ අනුව මාසයක් සඳහා විදුලිය පොයින්ට් 30 ක් භාවිතා කරන පුද්ගලයන්ගේ විදුලි ගාස්තුව පවතින මිල හා සැසදීමේදී 261% ක් තරම් ඉහළ යාමක් වන අතර මාසයක් සඳහා විදුලිය පොයින්ට් 1000 ක් භාවිතා කරන පුද්ගලයන්ගේ මිල වැඩි වීම 4% ක් තරම් ඉතා සුළු මුදලක් වීම මෙම විදුලි ගාස්තු සංශෝධනය තුලින් දැකගත හැකි වේ.

එහිදී සාමාන්‍ය ජනයාට සාපේක්ෂව ආගමික ස්ථාන වලින් ඉතා ඉහළ විදුලි ගාස්තු අය කිරීමක් සිදුකිරීමට මෙහි සැලසුම වන අතර විදුලිය පොයින්ට් 30 ක් භාවිතා කරන ආගමික ස්ථාන වල වැඩි වීම 294% ක් තරම් වන අතර පොයින්ට් 1000ක් භාවිතා කරන ආගමික ස්ථාන වල වැඩි වීම 55% ක් තරම් වේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාලව වැඩිවන විදුලි ගාස්තු ප්‍රමාණයන් පිළිබඳව සකසන ලද පහත වගුව මගින් ඔබේ විදුලි බිල වැඩිවන අගය සසඳා බැලිය හැක..

Newspedia 02

Related post