සේපාල්ට බන්ධනාගාරයේ දී පහර දුන්නේ කාගේ උවමනාවකටද?

 සේපාල්ට බන්ධනාගාරයේ දී පහර දුන්නේ කාගේ උවමනාවකටද?

දළඳා වහන්සේට අපහාස කිරීමේ චෝදනාවට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහට පහරදීමක් සිදුව ඇති බව ඔහුගේ ඥාතීන් පිරිසක් විසින් පැමිණිල්ලක් සිදුකර තිබේ.

බන්ධනාගාර නිළධාරීන් පිරිසක් හා සැකකරුවන් පිරිසක් මෙලෙස පහරදී ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

මහා පරිමාණ අපරාධකරුවන් පවා බන්ධනාගාර තුළ ගෙවන ජිවිත පිළිබඳව සිද්ධීන් වාර්තාවන කාලයක දළඳා වහන්සේට ‘ලබ්බ’ කී පුද්ගලයෙකුට බන්ධනාගාර නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් පහරදී ඇත්තේ ඔවුන් එතරම් ආගමට ලැදි දළඳා වහන්සේට එතරම් ආදරයක් දක්වන නිසාවෙන්ද නැතිනම් කාගේ හෝ උවමනාවකටද යන සැකය මතුවේ.

කෙසේ නමුදු ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා මානව හිමිකම් කොමිසන් සභාව විසින් විමර්ශන ආරම්භ කර ඇත.

ඥාතීන් විසින් ඔහුට පහරදීමක් සිදුව ඇති බවට පැමිණිලි කිරීම නිසා බන්ධනාගාර රෝහලට ඔහුව ඇතුළත් කර ඇතත් එවැනි පහරදීමක් සිදුව නොමැති බවට වෛද්‍ය වාර්තාවල සඳහන් වීම තුලින් ඇත්ත කියන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ගැටළුවක් ඇතිව තිබේ.

මෙහි ඇත්ත නැත්ත පිළිබඳව දැනගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා මානව හිමිකම් කොමිසන් සභාව විසින් සිදුකරන විමර්ශන වාර්තා පැමිණෙන තෙක් සිටිය යුතු වේ.

Newspedia 02

Related post