විදුලි ගාස්තුවට මිල සූත්‍රයක්!

විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට යොමුකර තිබිණ.
ඒ අනුව අද පැවති කැබිනට් රැස්වීමේදී එම මිල සූත්‍රය සඳහා අනුමැතිය හිමිව තිබේ.
කෙසේ වෙතත් අදාළ මිල සූත්‍රය සඳහා වන යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇති.