බිත්තර ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවයි!

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම අද (09) දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
ඊට අදාළව මෙරටට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව මෙම සතිය තුළ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
ඒ අනුව බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරාගැනීමේ කටයුතු මෙම සතිය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බව එම සංස්ථාව සඳහන් කළේය.
පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිතව තිබේ.