සත්‍ය හෙළිකළ ලසන්තගේ ඝාතනයට වසර 14යි!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අද (08) දිනට වසර 14ක් සම්පූර්ණ වේ.
ඒ නිමිත්තෙන් අද බොරැල්ලේ සුසාන භුමියේ ඒ මහතාගේ සොහොන් කොත මත මල් තබා ඔහු සිහි කිරීමට ද යෙදුනි.
ලසන්තගේ, දියණිය වන අහිම්සා වික්‍රමතුංග ට්විටර් පණිවුඩයක් නිකු කරමින් කියා සිටින්නේ අවුරුදු 14කට පෙර අද වැනි දිනය ඇයගේ ජීවිතේ නරකම දවස බවයි.
එසේම, ඇය වැඩිදුරටත් “පසුගිය වසරේ අරගලය හරහා ඔබේ ආත්මය ප්‍රකාශ වන ආකාරය මම දුටුවෙමි, ඒ සියල්ල දැකීමට ඔබ මෙහි සිටියා නම් යැයි මම ප්‍රාර්ථනා කරමි” යැයි සටහන් තබා ඇත.
සම්පූර්ණ ට්විටර් පණිවුඩය.