රනිල් ජනාධිපති මන්දිරය කෝට්ටෙට ගෙනියන්න හදයි!

 රනිල් ජනාධිපති මන්දිරය කෝට්ටෙට ගෙනියන්න හදයි!

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙනුවට කෝට්ටේ ප්‍රදේශයේ නව ජනාධිපති මන්දිරයක් ඉදි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.

දැනට කොටුවේ පවතින ජනාධිපති මන්දිරය ඇතුලු විශේෂ ස්ථාන රැසක් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම සදහා යොදා ගැනීමට ගෙන ඇති තීන්දුවට අනුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති මන්දිරය කෝට්ටේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටත්, පොලිස් මූලස්ථානය දැනට කොම්පඤ්ඤවීදියේ ඇති ගුවන් හමුදා මූලස්ථානයට ගෙන ඒමටත්, විදේශ කටයුතු අමාත්‍යංශයද වෙනත් ස්ථානයකට රැගෙන යාමටත් තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඉන් අනතුරුව සංචාරකයන් වෙනුවෙන් මෙම ප්‍රදේශය විවෘත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

මව්රට

Newspedia 02

Related post