නොරොච්චෝල නැවත්වූ ජනන යන්ත්‍රය අද සිට යළි වැඩ!

 නොරොච්චෝල නැවත්වූ ජනන යන්ත්‍රය අද සිට යළි වැඩ!

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මගින් අද (08) සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතය.

ගල්අඟුරු තොග ප්‍රමාණවත් නොවීම සහ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පසුගිය මස 23 වනදා අක්‍රිය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබුණි.

මේ වනවිට ප්‍රමාණවත් පරිදි ගල් අඟුරු තොග ලැබෙමින් පවතින බැවින් එම ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

Newspedia 02

Related post