නෙලුම් කුළුණ මාස 3ක් ගිහින් හම්බකළ මුදල සොච්චමයි! – ණය ගෙවන්න අවු: 252ක් යයි?

 නෙලුම් කුළුණ මාස 3ක් ගිහින් හම්බකළ මුදල සොච්චමයි! – ණය ගෙවන්න අවු: 252ක් යයි?

පසුගිය වර්ෂයේ (2022) සැප්තැම්බර් 16 වනදා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරණු ලැබූ නෙලුම් කුළුණ නැරඹීම හා ඒ ආශ්‍රිතව පවත්වනු ලැබූ උත්සව සඳහා අති විශාල ජනතාවක් පැමිණ සිටි බවට බොහෝ වාර්තා පලවිය.

නමුදු මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමෙන් අනතුරුව මාස 3කට ආසන්න කාලයක් ගතවී ඇතත් නෙලුම් කුළුණ උපයා ඇති අදායම ඩොලර් ලක්ෂ 8කටත් අඩු බවට වාර්තා වේ.

එම අදායම අති විශාල මුදලක් ලෙස පෙනී ගියද විදුලි බිල්, සේවක වැටුප්, නඩත්තු වියදම් සහ අනෙකුත් වියදම් කපාහැරිමේදී නෙලුම් කුළුණ නිර්මාණය කිරීම සඳහා සම්පුර්ණයෙන් වැයකරනු ලැබූ ඩොලර් ලක්ෂ 1040කට අදාළ ණය මුදල සඳහා ගෙවිය යුතු වාරික මුදල් වශයෙන් ඉතිරි වන්නේ ඩොලර් ලක්ෂයකටත් වඩා අඩු මුදලක්ද යන්න පිළිබඳව ගැටළුවක් පැන නැගෙයි.

එහිදී ඉදිරි කාලය සඳහාද උපයනු ලබන්නේ මෙම අදායමම බවට උපකල්පනය කළහොත් අවුරුද්දක් සඳහා ණය ගෙවීමට ඉපැයිය හැකි වන්නේ ආසන්න වශයෙන් ඩොලර් ලක්ෂ 4ක් පමණය.

ඒ අනුව සැසදීමේදී කිසිදු පොලියක් නොමැතිව ණය මුදල පමණක් ගෙවීමට සිදු වුවත් නෙලුම් කුළුණ සඳහා ලබාගත් ණය ගෙවාදැමීමට අදාළ මුදල් උපයා ගැනීමට අවුරුදු 252ක් පමණ ගතවන බවට පෙන්වාදිය හැක.

Newspedia 02

Related post