රංජිත් සෝමවංශ, සමගි ජන බලවේගයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත ප්‍රධාන සංවිධායක රංජිත් සෝමවංශ මහතා සමගි ජන බලවේගය සමග එක්ව තිබේ.
සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සෝමවංශ මහතා අද සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ බවය.
සෝමවංශ මහතා බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා සහ අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පරිණත දේශපාලකයෙකි.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර එම විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණේ සහ එක්සත් ශිෂ්‍ය පෙරමුණේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පිවිසියේය.
සෝමවංශ මහතා 1993 වසරේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ අතර බස්නාහිර පළාත් සභාවේ සභානායක, නියෝජ්‍ය සභානායක ආදී තනතුරු දැරූ දශක ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති චරිතයකි.