මියගිය නිහාල් නෙල්සන්ගේ නම කැතකරන වැඩක්..!

පසුගියදා අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාගේ කීර්තිනාමයට ද හානි සිදුවන ආකාරයේ පුවතක් සම්බන්ධයෙන් ඔහුගේ පුත් තරංග නෙල්සන් මහතා ‘නිහාල් නෙල්සන්’ ෆේස් බුක් පිටුව ඔස්සේ සටහන් කර තිබේ.
නව මුහුණුවරේ සැබෑ මුහුණුවර
මගේ පියා වන නිහාල් නෙල්සන්ගේ ගීයක් විදේශයක දී ප්‍රති නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හරින බව සහ එයට මා සහ මාගේ පවුලේ අයගේ අනුමැතිය හිමි වී ඇති බවට ද හඟවන පුවතක් අද දින (06.01.2023) පුවත්පතක පළ වී තිබුණි. මේ පුවත සම්බන්ධයෙන් මා හෝ මාගේ පවුලේ අය හෝ කිසි දු වගකීමක් දරන්නේ නැති බව ප්‍රකාශ කරමි.
සිද්ධියට අදාළ පාර්ශ්වය හා කෙරුණු දුරකථන සාකච්ඡාවේ දී පුවත නිවැරැදි කිරීමට ඔවුහු පොරොන්දු වූහ. කරුණු නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ අනුකූලව කටයුතු කිරීමට තීරණය කර ඇත්තෙමි.
නිහාල් නෙල්සන් යනු මගේ පියා මෙන්ම ඔබේ හිතවතා ද වෙයි. ඔහු ජීවත් වූයේ ද තවමත් ජීවත් වන්නේ ද ඔබේ ආදරයෙනි. එබැවින් ඔහු හා සම්බන්ධ වන කවර හෝ කටයුත්තක් සිදු කෙරේ නම් ඊට පෙර මා දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි
තරංග නෙල්සන්