පුංචි ඡන්දෙ තිබ්බොත් ඒක ලෝක වාර්තාවක්!

 පුංචි ඡන්දෙ තිබ්බොත් ඒක ලෝක වාර්තාවක්!

රට තුළ පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ මැතිවරණය පැවැත්වීමට නම් මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවය.

මුදල් මුද්‍රණය කර මැතිවරණය පවත්වන්නේ නම් මෙය ලෝක වාර්තාවක් ලෙස සලකන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

“මැතිවරණය ලෝක වාර්තාවක් තැබීමත් සමඟ පැවැත්විය හැකියි. ලෝක වාර්තාව කුමක්ද? ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක් මැද සිටින රටක්. සල්ලි අච්චු ගහලා මැතිවරණයක් තියපු රට විදිහට ලෝක වාර්තාව තියන්න පුළුවන්. එහෙම නම් අපි මැතිවරණය පවත්වමු,”

රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

Newspedia 01

Related post