ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය ඉවතට!

ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය අද සිට (06) ඉවත් කරන බවත් ඒ බව ලිඛිතව ප්‍රවාහන ඇමැතිවරයාට දැනුම් දෙන බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙම තීරණය ගෙන ඇත්තේ බස් ගාස්තුව සියයට 13.8 කින් අඩු කිරීමට නොහැකි බව දන්වමිනි.
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආසනගතව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැනවූයේ බස් ගාස්තුවද සියයට විස්සකින් ඉහළ දමමිනි.
නමුත් කොවිඩ් ව්‍යාප්තියෙන් පසුව එම ප්‍රතිශතයෙන් සියයට දහයක් පමණක් අඩු කරනු ලැබීය.
මේ වනවිට එම නීතිය ක්‍රියාත්මක නොවන අතර තවමත් අඩු කර නොමැති සියයට දහයක ප්‍රතිශතයද අඩු කරදෙන ලෙසට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවස්ථා රැසකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීම් කර තිබුණි.