අලුත් ලකුණක් හා නමක් දාගන අපි මැතිවරණයට එනවා!

 අලුත් ලකුණක් හා නමක් දාගන අපි මැතිවරණයට එනවා!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා නව සන්ධානයක් මඟින් තරඟ කිරීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය සහ නිදහස ජනතා සභාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්වී ඇති බවත් තවත් පක්ෂ ඒ සඳහා සහභාගී කර ගැනීමට සැලසුම් කර ඇති බව ඒ මහතා සඳහන් කරන ලදී.

මෙම නව සන්ධානය වෙනත් නමකින් හා වෙනත් ලකුණකින් ඉදිරිපත් වන අතර එම විස්තර ලබන සඳුදා දිනය වනවිට ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙරට පුළුල්ම ප්‍රගතිශීලී බලවේගය තම පක්ෂ එකතුව බිහිකරන බවයි.

Newspedia 02

Related post