සොත්ති උපාලිගේ පුතා අත්අඩංගුවට!

 සොත්ති උපාලිගේ පුතා අත්අඩංගුවට!

මෙරට ප්‍රධාන පෙලේ සංවිධානත්මක අපරාධකරුවෙකු වී සිටි සොත්ති උපාලිගේ පුතෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහුගේ පළමු බිරිඳගේ පුතෙකු බව පැවසෙන අදාළ සජිත් රන්දික නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක්ද සමඟින් බව පැවසේ.

කැපුම් සිද්ධීන් කිහිපයකටද සම්බන්ධ පුද්ගලයෙකු වශයෙන් පොලිසිය ඔහුව සොයමින් සිටි බවත් ඒ අනුව ඊයේ (04) දින බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

28 හැවිරිදි වියේ පසුවන අදාළ සැකකරු සන්තකයේ තිබී කඩු හා කිනිසි 4ක්ද පොලීසිය භාරයට ගෙන ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Newspedia 02

Related post