මන්දපෝෂණය වැඩිවී ඇති බව සෞඛ්‍ය ඇමැති කියයි

2021 සහ 2022 වසර තුළ ශ්‍රී ලංකාවේ අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අද පාර්ලිමේන්තුව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මන්දපෝෂණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ඇතැම් ආහාර සදාචාර විරෝධී ලෙස ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කරන ආහාර කෙරෙහි දෙමාපියන්ගේ ආකර්ෂණය බව ය.
“දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු සහ මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම ද මන්දපෝෂණය වැඩි වීමට හේතු වී තිබෙන බව ඔහු පැවසීය.
ත්‍රිපෝෂ සැපයුම කඩිනමින් ස්ථාවර කරන බවට අමාත්‍යවරයා සහතික විය.