නාමල් පෙරටුකරගෙන පොහොට්ටුවේ මංගල ඇප තැබීම සිදුකරයි!

අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා මංගල ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරන ලදී.
ඒ අනුව පොහොට්ටුවේ පළමු ඇප තැන්පත් කිරීම කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේය .
මේ සඳහා නාමල් රාජපක්ෂ මහතා පෙරටුකොට ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සහ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිස කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් ඇප මුදල් තැන්පත් කර තිබේ.