පේරාදෙණිය සිසුන් යළි රිමාන්ඩ්!

 පේරාදෙණිය සිසුන් යළි රිමාන්ඩ්!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුම්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනා අද (04) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය .

පේරදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපකුලපති භූගර්භ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලහාභානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ ආවේක්ෂණ කැමරා පද්ධති විමර්ශනය කොට එම සිද්ධියට සම්බන්ධ සිසුන් 12 දෙනකු හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව තහනම් කෙරුණ අතර පසුව එම සිසුන් 12 දෙනා පේරාදෙණිය පොලිසියට භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි .

ඉන් අනතුරුව එහි වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුවට පැවරුණි .

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාද විදානගේ සහ වත්මන් සභාපති චමෝද් සත්සර යන සිසුන් දෙදෙනාද මෙම පහර දීමේ සිද්ධියට සම්බන්ධ බවට පසුව චෝදනා එල්ල වූ අතර ඒ අනුව හිටපු සභාපති අනුරාද විදානගේ ශිෂ්‍යයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි .

කලින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ සිසුන් 12 දෙනා හඳුනාගැනීම සඳහා පසුගිය 22 දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සිසුන් 06 දෙනෙකු හඳුනාගනු ලැබීය .

මෙහිදී සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී හඳුනා නොගත් සිසුන්ට ඇප නියම කරන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය .

පොදු දේපොළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කර තිබීමත් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් නොමැති නිසාත් සිසුන්ට ඇප ලබාදීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය .

Newspedia 01

Related post