පුංචි ඡන්දය එක්කම මහ ඡන්දයත් එයිද?

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජනවාරි මාසයේදී සිදුකරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව, පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම 2023 ජනවාරි 18 වැනි බදාදා දින සිට ආරම්භ කරන බව කොමිසම පවසයි.
නාමයෝජනා කැඳවීම 2023 ජනවාරි 21 සෙනසුරාදා මධ්‍යාහ්න 12 න් අවසන් වන බව කොමිසම වැඩිදුරටත් පැවසීය.
2022 දෙසැම්බරයේදී, බොහෝ ප්‍රමාද වූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ තම තීරණය ප්‍රකාශයට පත් කරමින් කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා කියා සිටියේ එක් එක් කොට්ඨාසය සඳහා තේරී පත්වන නියෝජිතයින් සංඛ්‍යාව පිළිබඳ ගැසට් නිවේදනය 2022 දෙසැම්බර් 08 වැනි දින නිකුත් කරන බවයි.
පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දෙසැම්බර් 22 වැනි දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
2023 වසරේ පළමු කාර්තුවේදී පළාත් පාලන සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම පවත්වන ලෙස විවිධ පාර්ශ්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජයෙන් ඉල්ලා සිටියි.
පළාත් පාලන මැතිවරණය 2022 පෙබරවාරි මාසයේදී වසරකින් කල් දැමූ අතර ඒවා 2023 පෙබරවාරි 20 වන විට පැවැත්විය යුතුය.
තමාට පැවරී ඇති බලතල අනුව මේ වසරේ පෙබරවාරි මාසයෙන් පසු ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අභිමතය ජනාධිපති රනිල් වික්‍රමසිංහට තිබේ.