තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම හෙට සිට ඇරඹේ!

තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම හෙට (05) සිට ලබන 23 වැනිදා රාත්‍රි 12.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි.
තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ඇති සියලුම දෙනාගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ, තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ කාල සීමාව අවසන් වන තෙක් නොසිට නොපමාව ස්වකීය ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලෙසයි.
තව ද තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2022 ඡන්ද හිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.elections.gov.lk) පිවිසීමෙන් හෝ අංක 1919 මගින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් ද ලබාගත හැකියි.