අපි මෛත්‍රී සහ ඩලස් එක්ක එනවා. නැත්නම් තනියෙන් එනවා

 අපි මෛත්‍රී සහ ඩලස් එක්ක එනවා. නැත්නම් තනියෙන් එනවා

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නිදහස ජනතා සභාව යන පක්ෂ එක්ව සන්ධානගතවීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.

උත්තර ලංකා සභාගයේ ඊයේ (03) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ ඊට අදාළ සාකච්ඡාවක් අද (04) සිදු කිරීමට නියමිත බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සන්ධානගතවීමට අදාළ රාමුව අදාළ පක්ෂ වෙත ලබාදී ඇති බවය.

ඔවුන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත් එසේ සන්ධාගතවිමක් සිදු නොවුනහොත් උත්තර ලංකා සභාගය තනිව මැතිවරණයට තරග කරන බවත් හෙතෙම සඳහන් කළේය.

Newspedia 01

Related post