සුරාබදු දෙපාර්තමේන්තුවට නව ප්‍රධානියෙක්!

 සුරාබදු දෙපාර්තමේන්තුවට නව ප්‍රධානියෙක්!

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කර තිබේ.

සමන් ජයසිංහ මහතා අද ධුරයේ වැඩ බාරගත්තේ රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා සුරාබදු මූලස්ථානයේ දීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් ජයසිංහ මහතා මීට පෙර මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ව්‍යාපාර පිලිබඳ දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළේය.

ජයසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපාධි හා පශ්චාත් උපාධි ධාරියෙකු වේ.

Newspedia 01

Related post