ෂාෆ්ටර්ගේ DNA පරීක්ෂණය වෙන්නේ මෙහෙමයි..!

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ රුධිර සාම්පල සහ අනෙකුත් සිරුරු කොටස්වලින් ලබාගත් සාම්පලවල DNA පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම නියෝගය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරු කොටස් සහ අපරාධ ස්ථානයෙන් ලබාගත් අනෙකුත් සාම්පලවලට අදාළ DNA වාර්තාවක් කැඳවීමට බලාපොරොත්තු වන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
අපරාධ ස්ථානයෙන් ලබාගත් දිනේෂ් ෂාෆ්ටර්ගේ රුධිරය, හිසකෙස්, නියපොතු සහ අනෙකුත් ද්‍රව්‍යවල සාම්පල මත DNA පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
ව්‍යාපාරිකයාගේ මරණය මිනීමැරුමක් ද එසේත් නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.