පොලිස් පාලන අංශයේ ප්‍රධාන තැනට නිලන්ත ජයවර්ධන!

ශ්‍රී ලංකා පොලිසියේ පාලන අංශයට වැඩ බැලීමේ තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කර ඇත.
එම තනතුර සඳහා ස්ථිර නිලධාරියකු පත් කරන තෙක් නිලන්ත ජයවර්ධන මහතා ඒ සඳහා පත්කරන ලෙසට පොලිස්පතිවරයා විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමත්‍යාංශයේ අනුමැතිය ලබාදී තිබේ.
ඔහු මීට පෙර සහයක සේවා මධ්‍යම පළාත් භාර සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානි ලෙසද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ.