පාසල් වලට අතරමැදි සිසුන් ඇතුළත් කිරීම් වලට නව ක්‍රමවේදයක්!

 පාසල් වලට අතරමැදි සිසුන් ඇතුළත් කිරීම් වලට නව ක්‍රමවේදයක්!

පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම නව ක්‍රමවේදය 6 ශ්‍රේණියට අදාළ නොවන බවත් එමගින් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් විධිමත් කර ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.

ඒ අනුව අතරමැදි ශ්‍රේණිවලට පාසල් මාරු කිරීමට අවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ හා සමප්‍රවේශ අවස්ථා සැලසෙන අයුරින් නව ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිතය.

දැනට පවතින 1 – 5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් සහ 6 – 11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් ගණන 45ක් ලෙසත් නව ක්‍රමවේදය යටතේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට නියමිතය.

මෙයට අදාළ චක්‍රලේඛය නුදුරේදීම නිකුත් කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කර තිබේ.

Newspedia 02

Related post