පළාත් පාලන ඡන්දයට එරෙහිව කර්නල්වරයෙකුගෙන් පෙත්සමක්!

 පළාත් පාලන ඡන්දයට එරෙහිව කර්නල්වරයෙකුගෙන් පෙත්සමක්!

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් පෙත්සම ගොනු කර ඇත.

ඒ මඟින් මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් සිව්දෙනා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, කැබිනට් ලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොණු කිරීමට කටයුතු කර තිබේ.

මේ මොහොතේ පළාත් පාලන ඡන්දයක් පැවැත්වීමෙන් රටට හෝ මහජනතාවට ඇතිවන ප්‍රතිලාභය කුමක්ද යන්න පිළිබඳව එම පෙත්සමින් ප්‍රශ්නකර ඇත.

මැතිවරණ කොමිසම පවසන අන්දමට ඡන්දය පැවැත්වීම සඳහා අවම රුපියල් බිලියන 10 ක් වැය වේ.

මීට සති දෙකකට ඉහතදී තොරතුරු දැනගැනීමේ පනත මඟින් මැතිවරණයක් පැවැත්වීම සඳහා සල්ලි වෙන්කර ඇද්ද, එය මුදල් වශයෙන් තිබෙනවා ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමෙන් පෙත්සම්කරු විමසා සිටියදී, ඔවුන් විසින් තමන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ සාමාන්‍යයෙන් ඡන්දයක් පැවැත්වීමට රුපියල් බිලියන 10 ක් වැය වන බවත්, එය රාජ්‍යයට ආදායම් ලැබීම මත හෝ ණයට ලබාගැනීමේ පදනම මත තීරණය කරණ බවයි.

ඊට අදාළ සියළු ලේඛන ද පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Newspedia 02

Related post