කාත්තන්කුඩියෙනුත් ත්‍රස්ත සැකකරුවෙක් හසුවෙයි

 කාත්තන්කුඩියෙනුත් ත්‍රස්ත සැකකරුවෙක් හසුවෙයි

ISIS ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තමිල්නාඩුවේ කොයිම්බතූර් ප්‍රදේශයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් ඔහු ඉන්දියාවේ දී ද අත්අඩංගුවේ පසුවූ පුද්ගලයෙකි.

ශ්‍රී ලංකාවේ 2019 පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු සමඟ සහ ඔක්තෝබර් 23 වැනිදා තමිල්නාඩුවේ කොයිම්බතූර් හි සිදුවූ පිපිරීමේ සැකකරුවන් හා සම්බන්ධකම් පැවැත්වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ (IS) සාමාජිකයෙකු ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් බදාදා අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.

Newspedia 01

Related post