සිව්වන එන්නතත් විද ගන්න! – කොරෝනා ඉවර නෑ!

සිව්වන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලෙස සයිනෝෆාම් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගේ ඉල්ලීමක් කරයි.
ඒ මෙරටින් කොවිඩ් අවධානම තවමත් පහව ගොස් නොමැති බව පවසමිනි.
මේ වනවිට ලොව පුරා යළි කොවිඩ් ව්‍යාප්තවීමේ අවධානමක් ඇති නිසා ඒ පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය අවධානයෙන් සිටින බව එහි ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටී.