ඡන්දෙට වැය කළ හැකි උපරිම මුදල තීරණය කරන පනත විවාදයට..!

ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයකුට තම ප්‍රචාරක කටයුතු සඳහා වැය කළ හැකි උපරිම බලයලත් මුදල තීරණය කිරීමේ අයිතිය මැතිවරණ කොමිෂන් සභාවට පැවරෙන මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත 2023 ජනවාරි 5 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසයි.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය මාසයේ සභාවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත මගින් දේශපාලන පාර්ශව සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක්, පළාත් පාලන මැතිවරණයක් සහ පළාත් සභා මැතිවරණයක් සඳහා බලයලත් මුදලක් තීරණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට ප්‍රතිපාදන සලසා ඇත.
ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයකුට තම ප්‍රචාරක ව්‍යාපාරය සඳහා රාජ්‍ය ආයතනයකින්, විදේශීය රජයන්ගෙන් සහ දේශීය ලියාපදිංචි පෞද්ගලික සමාගම්වලින් අරමුදල් හෝ වෙනත් ආධාර ලබා ගැනීම මෙම නීති සම්පාදනය යටතේ වළක්වයි.
මෙම නීතිය මුලින්ම යෝජනා කරනු ලැබුවේ වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ තේරීම් කාරක සභාව විසින් මීට වසර කිහිපයකට පෙරය.