ගෝඨා යළි ඇමරිකානු පුරවැසිභාවය අයදී! – ඩුබායි සිට යන්න වීසා දීලත් නෑ!

 ගෝඨා යළි ඇමරිකානු පුරවැසිභාවය අයදී! – ඩුබායි සිට යන්න වීසා දීලත් නෑ!

අරගලයකින් පලවා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනධිපතිවරණය අවස්ථාවේදී ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා ලද්දේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාව මගින් ජනධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු නොවිය යුතු බවට නීතිමය වශයෙන් සඳහන් වී තිබීම හේතුවෙනි.

නමුදු මේ වනවිට බලය අතහැර ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

වර්ෂ අවසාන උත්සව සමය සඳහා තම පවුලේ පිරිස සමඟ ගත කිරීම සඳහා ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව යාමට යනු ඇතැයි මුලින් වාර්තා වූ නමුත් ඇමරිකාවට යාම සඳහා ඔහුට විසා නොලැබී ඇති බව වාර්තා වේ.

මේ තත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නැවත ඇමරිකානු පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් වාර්තා කර තිබේ.

Newspedia 02

Related post