අද රාජ්‍ය සේවකයන් හරියට වැඩ කරන්න දිව්රුම් දෙයි! – සේවය ගන්න ආ ජනතාව පැය ගණනක් එළියේ!

 අද රාජ්‍ය සේවකයන් හරියට වැඩ කරන්න දිව්රුම් දෙයි! – සේවය ගන්න ආ ජනතාව පැය ගණනක් එළියේ!

රාජ්‍ය ආයතනවල සියලුම කාර්ය මණ්ඩල අද (02) පෙරවරු 9.00ට දිවුරුම් දී තිබේ.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය පෙරවරු 9.00ට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දුනි.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ…

“තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 8කට සීමා වෙන්නේ නැහැ. තමන්ගේ වැඩකටයුතු සතියේ දවස් 5කට සීමා වෙන්නේන නැහැ. 2023 අවසන් වන විට මේ රටේ සාමන්‍ය තත්ත්වයක් ඇතිකරමු කියලා බලාපොරොත්තුවෙන් ඔබ සියලුදෙනාගේ සාහයෝගය ඇතිව මේරට ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

මේ හේතුවෙන් ඇතැම් රාජ්‍ය ආයතන වලින් සේවා ලබාගැනීමට පැමිණ සිටි ජනතාවට බොහෝ වෙලාවක් සිය සේවාව ලබාගැනීමට එම කටයුතු අවසන් වෙනතෙක් බලා සිටීමට සිදුවිය.

Newspedia 02

Related post