ලේකම්ලාට මාස 6ක ප්‍රගති පරීක්ෂණයක්! – වැඩ බැරි නම් එළියට!

 ලේකම්ලාට මාස 6ක ප්‍රගති පරීක්ෂණයක්! – වැඩ බැරි නම් එළියට!

අමාත්‍යාංශවලට පවරණ ඉලක්ක අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ නොකරන අමාත්‍යාංශ ලේකම්වරුන් මාස හයක දී එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තීරණය කර තිබේ.

ඒ අනුව අමාත්‍යංශය වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ලබන වසරට අදාළව ජනාධිපති ලේකම්වරයා ලබාදෙන ඉලක්ක ඔස්සේ ගමන් කරන්නේ දැයි මාස තුනෙන් තුනට ප්‍රගතිය පරික්ෂා කිරීමට නියමිතව තිබේ.

රජයේ සේවයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ලේකම්වරයා සහ සියළු අමාත්‍යාංශ ලේකම්වරු අතර එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු යොදා ඇත.

Newspedia 02

Related post