ලංකාවේ ලක්‍ෂ 24 දෙනා ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට… – රතු කුරුස සංවිධානය

 ලංකාවේ ලක්‍ෂ 24 දෙනා ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට… – රතු කුරුස සංවිධානය

ශ්‍රී ලංකාවේ ලක්‍ෂ 24 ක පමණ පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇති බව රතු කුරුස සංවිධානය සඳහන් කරයි.

මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් එම ගැටලුව පැන නැගී ඇති බවත් මෙම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දුප්පත් පවුල්වලට බව ඔවුන් විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ශ‍්‍රී ලාංකිකයන් තම වත්කම් විකිණීමට පෙළඹී ඇති බවත් ජීවත්වීම සඳහා ණයකරුවන් වී ඇති බවත් එම සංවිධානය කියා සිටී.

දුප්පත් පවුල්වල දරුවන් පාසැල් යාම මගහැරි යාමේ අවදානමක් මතුව තිබෙන බව ද සඳහන්ය.

ලක්ෂ 57 කට මානුෂීය සහය අවශ්‍ය වී ඇති බවත් ඉන් ලක්ෂ 40ක් ආහාර අනාරක්ෂිතවයෙන් පෙළෙන බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

Newspedia 02

Related post