පාපන්දු ලොව විශිෂ්ටතමයෙක් සමුගනී..

 පාපන්දු ලොව විශිෂ්ටතමයෙක් සමුගනී..

ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්තවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවය.

ලෝක කුසලාන තුනක් දිනූ එකම ක්‍රීඩකයා වන ඔහු පිළිකා රෝගයකින් පීඩාවිඳිමින් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.

පේලේගේ දායකත්වය යටතේ 1958, 1962 සහ 1970 දී බ්‍රසීලය ලෝක කුසලාන ශූරතා ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ අතර තරඟ 92 කදී ගෝල 77 ක් ලබාගත් ඔහු බ්‍රසීලයේ ප්‍රමුඛතම ගෝල ලාභියා ලෙස සැලකෙනවා.

Newspedia 01

Related post