කංචනගේ ගල්අඟුරු මාෆියාව හෙළි කිරීමෙන්, බිලියන 1000ක් රටට ඉතිරි වුණා! – ඕමල්පේ සෝභිත හිමි

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා හා ඔහුගේ පිරිසක් එකතු වී සිදුකරනු ලැබූ ‘ගල්අඟුරු මාෆියාව’ තමන් වහන්සේ විසින් හෙළි කිරීම නිසාවෙන් රටට රුපියල් බිලියන 1000 ක පමණ මුදලක් ඉතිරි කර දීමට හැකිවූ බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මාධ්‍යට පවසා තිබේ.
මෙම ගල්අඟුරු මාෆියාව පිළිබඳව සාක්ෂි ලබාදීමට තමන් වහන්සේ අධිකරණයට ගියද, ඇමැතිවරයා උසාවියට නොපැමිණීම තුළින් එය සනාථ වන බව උන්වහන්සේ පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමි… (දිවයින)
“ගල්අඟුරු සිද්ධියට ඇමැතිවරයා උරණ වී ඇති බව පැහැදිලියි. නමුත් එතුමාට අධිකරණයේ නිවැරදි වෙන්න තිබූ අවස්ථාවට ඉදිරිපත් වුණේ නෑ. මේ ගල්අඟුරු මාෆියාවට අදාළ සෑම කෙනෙකුගේම තොරතුරු මා සන්තකයේ තිබෙනවා. අවශ්‍ය නම් ලබා දෙන්න සූදානම්. මගේ ශාසනික සේවාව ගැනත් එතුමා ප්‍රශ්න කර තිබුණා. එතුමාට ඒ ගැන විමසීමෙන් බලන්න කියලා කියනවා. මම භික්ෂු මධ්‍යස්ථාන 75 ක් පවත්වාගෙන යන හිමි නමක්. ජාතිකවත්, ජාත්‍යන්තරවත් සේවාවන් ලබාදෙන ගමන් ළමා, වැඩිහිටි, අංගවිකල නිවාස පවත්වාගෙන යමින්, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබසාධනය වෙනුවෙනුත් මහා පරිමාණ මෙහෙවරක යෙදෙනවා. මේ ශාසනික සහ සාමාජීය මෙහෙවර ජනතාව දන්නවා. මම දැන් මන්ත්‍රී හිමිනමක් නෙවී. ඒ තනතුර එතුමන්ට අගය වුණාට මට එහි අගයක් නෑ.”