ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් බරපතළ රිය අනතුරකට ලක්වේ!

අද (30) උදෑසන ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.
එහිදී බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් මේ වනවිට රෝහල් ගත කර ඇති බවත් ඔහුව ප්ලාස්ටික් සැත්කමට භාජනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, රිෂාබ් පාන්ට් නවදිල්ලි බලායන අතරතුර නින්ද යෑම හේතුවෙන් රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේදී අනතුර සිදු ව ඇති බවයි.
අනතුර සිදුවීමෙන් අනතුරුව රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
