ආශු බිලියන එකහමාරක් වන්දි ඉල්ලා, හිරුණිකාට හා ආදර්ශාට එරෙහිව උසාවි යයි!

 ආශු බිලියන එකහමාරක් වන්දි ඉල්ලා, හිරුණිකාට හා ආදර්ශාට එරෙහිව උසාවි යයි!

පසුගිය දිනවල ආන්දෝලනයකට ලක්වූ වීඩියෝවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ආදර්ශා කරදනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

එහිදී තම කීර්ති නාමයට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන එකහමාරක මුදලක් ගෙවන ලෙසට ඒ මහතා එන්තරාවාසි යොමුකර තිබේ.

සංස්කරණයද වීඩියෝවක් පළ කිරීමත් ඒ පිළිබඳව වැරදි අර්ථ නිරූපණයක් ලබාදීමත් හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසයට මෙම වන්දි මුදල ගෙවන ලෙස එමගින් දන්වා ඇත.

වන්දි මුදල ලබාදීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවද එමඟින් දැනුම් දී ඇත.

Newspedia 02

Related post