ආදර්ශාගෙ ලීක් මට අමුතු දෙයක් නෙවෙයි. වරදක් කරලා නැති මම සැලෙන්නෙ නෑ!

 ආදර්ශාගෙ ලීක් මට අමුතු දෙයක් නෙවෙයි. වරදක් කරලා නැති මම සැලෙන්නෙ නෑ!

ආදර්ශා කරඳන වගේ අය සමග කළ දුරකතන සංවාද ලීක් වීම තමන්ට අලුත් දෙයක් නොවන බවත්, ඒවා ලීක් වූවද නොවූවද තමන් සැලෙන්නේ නැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

“පළවෙනි එක ලීක් වුණේ 2018 දි. ආදර්ශා එක්ක කතා කරපු 6 ක් තියෙනවා. මම කිසිම වරදක් කරලා නැති නිසා ඒවා ගැන කරදර වෙන්නෙ නෑ. ආදර්ශා එක්ක කතා කළේ මම සම්බන්ධ වෙලා ඉන්න සමාජ සේවා සංවිධානයක් අත්සන් කරන්න තියෙන අවබෝධතා ගිවිසුමක් ගැන.

බුද්ධික පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී – සමගි ජන බලවේගය

සම්පූර්ණ සංවාදය සංස්කරණය කොට කොටස් 6 කට වෙන් කර ඇති බව පැවසේ. එහි පළමු පටය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු උපදේශකයෙකු වූ ආශු මාරසිංහ තම සුනඛයාට ලිංගික අතවර කළ බවට චෝදනා කරන ආදර්ශා කරඳන, පතිරණ මන්ත්‍රීවරයා සමඟ කළ සංවාදයකි. එහි ඇත්තේ දිවා ආහාරය සහ මත්පැන් ඇනවුම් කිරීම සම්බන්ධ සිදුවීමකි.

ඊයේ උදෑසන ඇතිවූ අලුත්ම කතාබහට පාදක වී ඇත්තේ හෝටලයක කාමරයක් මාරු කිරීම සම්බන්ධයෙන් ආදර්ශා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පතිරණ කළ කතාබහකි.

Newspedia 01

Related post