අවුන්සාන් සුකීට එරෙහිව තවත් නඩු තීන්දුවක්..

බලයෙන් පහ කරන ලද නායිකා Aung San Suu Kyiට එරෙහිව ඉතිරිව ඇති සියළු නඩු අවසන් කරමින්, දූෂණ චෝදනා පහකට වරදකරු කොට ඇයව වසර හතකට සිරගත කළ බව හමුදාව විසින් පාලනය කරන මියන්මාරයේ අධිකරණයක් ප්‍රකාශ කර තිබේ.
2021 පෙබරවාරියේ සිදුකළ හමුදා කුමන්ත්‍රණයකදී අත්අඩංගුවට ගත් සුකී මියන්මාරයේ නායිකාව ලෙස සිටියදී හෙලිකොප්ටරයක් බදු දීම සහ භාවිත කිරීම සම්බන්ධ චෝදනා සඳහා වැරදිකරු කරන ලද්දේ විවෘත නොකරන ලද අධිකරණ සැසියකදී ය.
ගැටලුවේ සංවේදිතාව හේතුවෙන් තොරතුරු ලබාදෙන පාර්ශවය අඥාත වන අතර, අදහස් දැක්වීම සඳහා පාලක ජුන්ටාවෙහි ප්‍රකාශකයෙකු වහාම සම්බන්ධ කර ගත නොහැකි වූ බව ද වාර්තා වේ.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දශක ගණනාවක් පුරා පැවති අරගලය වෙනුවෙන්, නොබෙල් සාම ත්‍යාගලාභිනියක වන සූ කී සිය දේශපාලන ජීවිතයේ වැඩි කාලයක් ගත කර ඇත්තේ හමුදා ආණ්ඩු යටතේ රැඳවුම් භාරයේය.