සියලු ගුරුවරුන්ට රජයෙන් නිවේදනයක්!

 සියලු ගුරුවරුන්ට රජයෙන් නිවේදනයක්!

අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විශේෂ නිවේදනය

2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව දන්වා සිටියි.

2022/ 12/ 31 දක්වා අනුයුක්ත ව සිටි එම ගුරු භවතුන් වෙත මේ සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන අතර මීට ඉහත ඊට අදාළ ව නිකුත් කර ඇති ලිපිය ම 2023/ 03/ 24 දින දක්වා බලාත්මක වන බව වැඩිදුරටත් දැනුම් දෙයි.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය

Newspedia 02

Related post