සජිත්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නැහැ! – JVP

බස් රථයක් පාරේ ධාවනය කරවූවාට, ඒදණ්ඩෙන් ගියාට, තනි කකුලෙන් හිටගෙන හිටියාට රටක් පාලනය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ පිළිබඳව සඳහන් කරමින් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ එවන් ඒ සිදුකරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ව ළමාවිය නිසි ආකාරයෙන් සංවර්ධනය වී නොමැති බවයි.
පූර්ව ළමාවිය නිසිලෙස සංවර්ධනය වූයේ නම් මෙතරම් ප්‍රශ්නයක් ඇති නොවන බවද ජයතිස්ස මහතා කියා සිටියේය.
ජාතික ජනවේගය ආසන බලමන්ඩලය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.