ෂාෆ්ටර් ඝාතනය: ඇන්ටනා වයරය හා නැන්දම්මාට ලියපු ලියුම මාධ්‍ය ගොතපු කතාවක් වෙයි!

මේ වනවිට ආන්දෝලනයකට ලක්ව ඇති ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතුද ආන්දෝලනයකට ලක්ව තිබේ.
මෙම ඝාතනයේ විමර්ශන කටයුතු පිළිබඳව ඊයේ (28) පොලිස්පතිවරයා විසින් රහස් පොලිස් විමර්ශන කණ්ඩායම් කැඳවා විමසීමක් සිදුකරන ලදී.
මෙහිදී ෂාෆ්ටර් මහතා සියදිවි හානිකර ගෙන ඇති බවට පළවූ පුවත් සම්බන්ධයෙන් අදහස් පළකර ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු දිවයින පුවත්පත හා සම්බන්ධ වෙමින් පවසා ඇත්තේ මාධ්‍ය මගින් මෙම සිදුවීම පිළිබඳව පලකරනු ලබන අසත්‍ය පුවත් හේතුවෙන් විමර්ශන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි.
ඒ අනුව මීට ආසන්නතම දිනවල මාධ්‍ය මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පළවූ පුවත් වල සඳහන් කර ඇති ෂාෆ්ටර් මහතාගේ ගෙල සිරකර තිබූ ඇන්ටනා වයරයේ ඉතිරි කොටස ඔහුගේ නිවසින් හමුවූ බවටත්, ෂාෆ්ටර් මහතා සිය නැන්දම්මාට ලියන ලදැයි කියන ලිපියක් සම්බන්ධ පුවත්ද අසත්‍ය බව පවසා තිබේ.
නමුදු මේ පිළිබඳව සත්‍ය තොරතුරක් පොලිසිය මගින් නිතර මාධ්‍ය හමුවේ නොපැවසීම හේතුවෙන් මෙවන් දේ සිදුවීමට හැකි අතර එම පුවත් පලකළ මාධ්‍ය සඳහන් කර ඇත්තේ එම තොරතුරු උසස් පොලිස් නිලධාරීන් මගින් ලැබුණු තොරතුරු බවයි.
කෙසේ නමුදු සත්‍ය තොරතුරු මහජනතාවට ලබාදීම මාධ්‍යකරණයේ වගකීම වන අතර මහජනයාට පුවත් සපයන මාධ්‍යට අදාළ සත්‍ය තොරතුරු ලබාදීම පොලිසියේද වගකීම වන්නේය.