රාජ් රාජරත්නම් ලංකාවේ. ප්‍රබල දේශපාලකයන් කීපදෙනෙක් හමුවීමේ සූදානමක

 රාජ් රාජරත්නම් ලංකාවේ. ප්‍රබල දේශපාලකයන්  කීපදෙනෙක් හමුවීමේ සූදානමක

ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම හෙජ්-අමුදල් අභ්‍යන්තර චෞර වළල්ලේ මහ මොළකරු බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකාවේ උපන් Galleon hedge fund හි නිර්මාතෘ රාජ් රාජරත්නම් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින අතර, ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු හමුවීමට නියමිත බව ‘Daily Mirror’ පවසයි.

රාජ් රාජරත්නම් 2009 දී FBI (ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (Federal Bureau of Investigation)) විසින් අත්අඩංගුවට ගත්තේ අභ්‍යන්තර වෙළඳ සුරැකුම්පත් වංචාවන්ට සාපරාධී වැරදි සම්බන්ධ වන චෝදනා හේතුවෙනි.

කොටි ත්‍රස්තවාදීන් සමඟ ඇති බවට චෝදනා එල්ල වූ සබඳතා හේතුවෙන් 2007 නොවැම්බර් මාසයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් වත්කම් අත්හිටුවන ලද දෙමළ පුනරුත්ථාපන සංවිධානයට (TRO) ඇමරිකානු ඩොලර් මිලියන 3.5 කට වැඩි මුදලක් ලබා දුන් බවට ද රාජරත්නම්ට චෝදනා එල්ල විය.

2006 වසරේ මහ බැංකුවේ අවසරයකින් තොරව කිරුළපන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ශාඛාවේ ඩොලර් මිලියන 3 ක් තැන්පත් කිරීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුවට ද, රාජරත්නම් සම්බන්ධ විය. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නම ද, මෙම නීතිවිරෝධී ගනුදෙනුවට සම්බන්ධ වූ නමුත් 2015 වසරේදී විනිමය පාලන පනත උල්ලංඝනය කරමින් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවෙන් කරුණානායක මහතා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.

Newspedia 01

Related post