අලුත් අවුරුද්දේ කළු විරෝධතා සතියක්!

 අලුත් අවුරුද්දේ කළු විරෝධතා සතියක්!

රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින් 2023 ජනවාරි මාසයේදී කළු විරෝධතා සතියක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ජනවාරි මාසයේ අවසන් සතිය මෙලෙස කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කර සිටියේය.

ආර්ථික වශයෙන් රට පත්ව ඇති අර්බුදය හමුවේ තවදුරටත් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් වෘත්තිකයන් දැඩි පීඩාවට පත් වන බව ඔවුන් පවසයි.

මෙම කළු සතියට විරෝධය පළකිරීමේ එක් පියවරක් ලෙස දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව එම අත්සන් සහිත පෙත්සම ජනවාරි 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතය.

Newspedia 02

Related post