වෛද්‍යවරු කොටසක් කෙහෙළිය එලවන්න හදයි! – කොටසක් සමඟි සාකච්ජා!

මිල අඩුකිරීම සම්බන්ධයෙන් වන ඖෂධ ලැයිස්තුව සකස් කිරීමේ කමිටුවක් පත්කිරීමට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එලෙස අමාත්‍යවරයා සමඟ සමඟි සාකච්ජා පවත්වන විට ප්‍රශ්න සහගත ඉන්දියානු ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ඉදිරි සතියේදී අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එහි සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා සඳහන් කළේ කැබිනට් මණ්ඩලයද නොමඟ යවමින් සිදුකළ මෙම ඖෂධ ගනුදෙනුවට චෝදනා එල්ලවී ඇති සෞඛ්‍ය ඇමතිවරයා වහා ධුරයෙන් ඉවත් කළ යුතු බවය.