මේ වසරේ මාස 10ක් තුළ ඩොලර් මිලියන 400ක සහල් ගෙනත්!

වසර ගණනක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අඩුපාඩුවක්ව පැවති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මේ වනවිට අවසන් කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව එම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
එම කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා මේ වසරේ ඩොලර් මිලියන 400ක සහල් ආනයනය කිරීමට සිදුව ඇති බව මහින්ද අමරවීර මහතා පවසයි.
“අද මෙරට කෘෂිකර්මාන්තය ඛෙදනීය ඉරණමකට ලක් වුනේ අපිට ජාතික ප්‍රතිපත්තියක් නොතිබුණු නිසයි. සහලින් ස්වයංපෝෂණය වී තිබු රටක් ප්‍රතිපත්තියක් නොමැතිකම නිසාම ආපස්සට ඇද වැටුනා. මෙම වසරේ මාස 10ක කාලයක් තුළ සහල් ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක් වැය කර තිබෙනවා. මෙම තත්ත්වයට නිලධාරිනුත් වගකිව යුතුයි. ලෝකයේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගොස් ඇති ආකාරයට අපේ රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගියේ නෑ. ඒ නිසා ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දීම අවශ්‍යයි”