මුදල් වංචා කළ ගණකාධිකාරිණිය හා විගණන නිලධාරීන් 09කගේ වැඩ තහනම්!

 මුදල් වංචා කළ ගණකාධිකාරිණිය හා විගණන නිලධාරීන් 09කගේ වැඩ තහනම්!

කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදු වුයේයැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන්න යැයි විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම අධිකාරියට දැනුම් දෙයි.

ණයලාභීන්ගේ ණය වාරික වලින් රුපියල් කෝටිගණනක මූල්‍ය වංචාවක් සිදු කිරීම පිළිබඳ ව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ ගණකාධිකාරිණිය හා විගණන නිළධාරි ඇතුළු 09 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. එම අධිකාරියේ සාමාන්‍යාධිකාරිගේ අත්සනින් යුතු ව අදාළ නිළධාරීන්ට වැඩ තහනම් කිරීමේ ලිපි නිකුත් කර ඇති අතර නිවාස අධිකාරියට අදාළ කිසිදු ආයතනයකට ඇතුළු වීමට ද තහනම් කර ඇත. අදාළ මූල්‍ය වංචාව සිදු කර ඇත්තේ 2018 සහ 2022 වසරේ මුල් කාර්තුව තුළයි. සිද්ධියට අදාළ ලිපි ලේඛණ කොටසක් ගිනි තබා විනාශ කර ඇතැයි ද සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් වගකිව යුතු නිළධාරියෙකු කිසිදු විමර්ෂණයක් හෝ සොයා බැලීමක් කර නැතැයි ද මේ සම්බන්ධයෙන් පුවත්පත් වල පළ වු වාර්තාවල සඳහන් වේ.

Newspedia 02

Related post